පළාත් කිහිපයකට සවසට වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියා, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී …
ලෝක ආහාර වැඩසටහන මඟින් ලැබුණු ආහාර ද්‍රව්‍ය බෙදා දීම ඇරඹේ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ආරම්භ කළ පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ ආහාර ගබඩා පරිශ්‍රයේදී අද (19) ආරම්භ කෙරිණි. පාසල් දරුවන් අතර යකඩ ඌණතාවය අවම …
සංචාරක කලාප වල වෙළඳ සල් ආශිත විශේෂ සෝදිසි
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින් වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශවල වෙළඳ සල් ආශ්‍රිතව විශේෂ විමර්ශන හා වැටලීම් සිදු කිරීමට තීරණය කොට තිබේ.පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂක( වැටලීම් සහ විශේෂ විමර්ශන) සංජය ඉරසිංහ මහතා පැවසුවේ, කොළඹ ගොල්ෆේස් ප්‍රදේශය, අලුත්කඩේ උසාවිය ප්‍රදේශය, බේරුවල, බෙන්තොට, හික්කඩුව, ගාල්ල, ඇල්ල ආදී ප්‍රදේශවල …
දුම්රිය ගමන්වාර 4 ක් අවලංගුයි
දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය කටයුතු කර තිබේ. මෙසේ අවලංගු කිරීමට කටයුතු කොට ඇත්තේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් හා කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක්. ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 07.15 …
ඊශ්‍රායලයෙන් ඉරානයට මිසයිල ප්‍රහාරයක්
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායලය අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත.ඒ බව ඇමෙරිකානු බලධාරීන් ද තහවුරු කොට තිබේ.ඉදිරි දිනවලදී ද ඉරානයට පහර දෙන බව ඊශ්‍රායලය කල් තියා දැනුම් දුන් මුත් ඇමෙරිකාව එම තීරණය දිරිමත් නොකළ බවත් …
සියඹලංගමුවේ ඇතා සහ දළපූට්ටුවා යන සද්දන්තයන් අතරට ආ මිනිස් සද්දන්තයා;අවසන් කටයුතු අද
මිනිසුන්ට සේම සතා සීපාවාට ද අසීමාන්තිකව ආදරය කළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අව්‍යාජ දේශපාලනඥයකු වූ හිටපු වන ජීවී අමාත්‍ය අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතා ගේ දේහය ඔහු ජීවත් ව සිටිය දී කරන ලද ඉල්ලීමකට අනුව අද(19) පස්වරුවේ මතුගම,යටදොලවත්තේ ඔහු විසින්ම තනවා ගෙන තිබූ සොහොන් ස්මාරකයේ තැන්පත් කෙරෙනු …
නාරිලතා හෙවත් ලිය තඹරා මලේ ඇත්තම කතාව
දැනට අවුරුදු දහයකට වැඩි කලක සිට අන්තර්ජාලයේ සැරිසරන විශේෂ ඡායාරූප තුනක් ගසක හටගත් නග්න කාන්තාවකගේ රුවකට අතිශයින් සමාන මල් හෝ ගෙඩි කිහිපයකින් යුතු එම ඡායාරූප සිංහල අන්තර්ජාල නරඹන්නන් අතරට පැමිණ ඇත්තේ ‘‘නාරිලතා’’ හෝ ලියතඹරා යන හැඳින් වූ සමගිනි. බැලූ බැල්මටම සොබා දහමේ විස්මිත නිමැවුමක් සේ පෙනෙන එම මල් හෝ ගෙඩි වර්ගය සම්බන්ධයෙන් අප රටේ බොහෝ දෙනකු අතිශය සංවේදීවීමට ප්‍රධාන හේතුවක් තිබිණ. එනම් නාරිලතා සහ ලියතඹරා යන වදන් අප ජන සංස්කෘතිය හා සෘජුව බැඳී තිබීමය. දහතුන් වන සියවසේ ලියැවුණු පූජාවලියෙහිද මෙම ‘නාරිලතා’ යන නම සඳහන්ව තිබේ …
අලුත් අවුරුද්දට මගේම නොවන පැතිගොඩ ආච්චි බලන්න ගියෙමි
සිංහල අලුත් අවුරුද්දට නෑ ගම් යාමේ පාරම්පරික සිරිතක් අප රටේ සිංහල බෞද්ධ සමාජයේ තිබේ.ඒ අනුව මා ද මීට වසර විස්සකට පමණ ඉහත සිදු කළ එබඳු අපූරු නෑ ගම් යාමක් ගැන සුන්දර මතකයක් මගේ සිත තුළ තිබේ.ඒ මට සිටි මගේම නොවන ආච්චි කෙනකුගේ සුව දුක් බැලීමට ය. ආච්චි නමින් ඇමතුම් ලැබීමට අද සමාජයේ කිසිම කාන්තාවක කැමති නොවනු ඒකාන්ත ය. තත්වය එසේ තිබියදී ‘ආච්චි’ යන නම සහිතව පිදුම් ලබන අප්‍රකට දෙවඟනක පිළිබඳ තොරතුරක් ගම්පහ දිසාවේ බඩල්ගම ප්‍රදේශයෙන් අසා දැන ගත හැකි විය. ඇය හැඳින්වනුයේ ‘පැතිගොඩ ආච්චි’ යන …
කෝටි 3,700 කට කිට්ටු මුදලක් වැය කර පැවැත් වූ ඉන්දියාවේ සුපිරි විවාහ උත්සවයක්
රුපියල් කෝටි 3,700 කට සමාන මුදලක් වැය කර පවත්වන ලද විවාහ උත්සවයක් ගැන කිවහොත් එය බොහෝ දෙනෙකුට විශ්වාස කිරීමට අමාරු කාරණයක් විය හැකිය. නමුත් මේ කතාව සත්‍යයකි. මෙම ඇදහිය නොහැකි විවාහ උත්සවය පවත්වනු ලැබ තිබුණේ ඉන්දියාවේ මෙන්ම ආසියාවේ ද ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන මුකේෂ් අම්බානි සහ ඔහුගේ පවුල විසිනි. මෙය විවාහ උත්සවයක්ම නොව ඊට කලින් පවත්වනු ලබන පූර්ව විවාහ (Pre Wedding) උත්සවයකි. එහි ‘මනාලයා’ වූයේ මුකේෂ් අම්බානි ගේ බාල පුතා වන අනන්ත් අම්බානි ය. ‘මනාලිය’ වූයේ රාධිකා මර්චන්ට් නැමැති තරුණිය යි. ඔවුන්ගේ පූර්ව විවාහ උත්සවය …
මුත්තා දෙවියන් නිදන් කොල්ලකෑම් නතර කරන හැටි බලා සිටියෙමි
වත්මන් කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් අතීතයේ සිට හත් කෝරලයේ වන්නි හත්පත්තුව නමින් හැඳින්වෙන ප්‍රදේශයේ එක්තරා වනගත බිමක තරමක අසාමාන්‍ය හැඩයකින් යුතු ගල් කුලක් තිබේ. පොළොවේ සිට අඩි විස්සක් පමණ උසට කේතු රූපාකාර ස්වභාවයකින් ඉහළට නැංවුණු පාෂාණ සංයුතියක් වන ඒ මත නුග රුකක් වැඩී ඇත්තේ එහි මූල පද්ධතිය එම ගල් කුල තරයේ …
පරණ ළිං බාස් ලා ගොඩ ඉඳන් පොළොව යට දිය උල්පත් හොයන ක්‍රමය මිථ්‍යාවක් නොවේ
බාස් හෙවත් බාස් උන්නැහේ යන වදන හුදෙක් අනේක විධ කාර්මික වෘත්තීන් හි යෙදෙන්නවුන් හඳුන්වන පොදුවදනකි. වඩු බාස්, මේසන් බාස්, පයිප්ප බාස් සේම බේකරි බාස් ආදී ආහාර නිෂ්පාදන ක්‍රියාවන් හි යෙදෙන්නෝ ද බාස්ලා හෙවත් බාස් උන්නැහේලා ලෙස හැඳින්වෙති.එහෙත්, රටේ බොහෝ ප්‍රදේශවලට නල ජලය ලැබීමට සාපේක්ෂව සමාජයෙන් දිනෙන් දින ඉවත් වන එක්තරා …
යකින්නන් ලෙස හැඳින්වෙන බිරින්දෑ වරුන් ගේ කතා බොරුමත් නොවේ – දුරාතීතයේ අප රටේ විසූ යකින්නන් ගේ තතු විමසීමක්
භාර්යාවන් යකින්නන් බව ඇඟවෙන ප්‍රකාශයන් සමාජ ජාලා වෙබ් අඩවි වලින් ද නිතර දැක ගත හැකි ය. එහෙත්,බිරිඳ යකින්නියක නම් වහා ඇගෙන් ඉවත් විය යුතු නෙවේද? යන්න එවැන්නකු ගෙන් විමසුව හොත් ඔවුන් ගෙන් ලැබෙන පිළිතුරු වල පොදු අරුත වනුයේ එය එසේ විවාහයෙන් වෙන් වීමට තරම් ප්‍රබල කරුණක් නොවන බවකි. ඒ අනුව …
පාලිත තෙවරප්පෙරුම ගේ හිත හොඳ චණ්ඩිකම කාලීන සමාජ අවශ්‍යතාවකි – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණිත් අභයසුන්දර
පොදුවේ මිනිස් සමාජය යනුවෙන් හැඳින්වුවද එය බහු විධ තරාතිරම්වලින් යුතු ප්රජාවන්ගෙන් යුතු වූවකි. අනේක විධ වූ සමාජමය ක්‍රියාවන් මගින් ඒ විවිධත්වය හඳුනා ගැනීමේ හැකියාවක් ඒ සම්බන්ධයෙන් උනන්දු වන්නකු තුළ පවතී. නිදසුනක් ලෙස කොළඹ, බොරැල්ලේ කනත්ත සුසාන භූමිය තුළ සිට එක් දිනක් තුළ ආදාහනය හෝ භූමදානය පිණිස එහි රැගෙන එන මෘත දේහයන් සමඟ වටා එක් රොක් වන පුද්ගලයන් ගේ බාහිර ස්වරූපය,ඇඳුම් පැළඳුම්, කතා බහ සහ චර්යා රටා නිරීක්ෂණය …
ලෝකයේ ලොකුම මැතිවරණය ඇරඹෙයි
ඉන්දියාවේ මහා මැතිවරණ තරම් ලොකු මැතිවරණ ලෝකයේ මොන රටකවත් පැවැත්වෙන්නේ නැත. මෙවරත් එය එසේම ය. අද ආරම්භ වූ එරට අලුත්ම පාර්ලිමේන්තු මැතිවරණය සති හයක කාලයක් පුරා පැවැත්වෙයි. ඒ අදියර හතක් යටතේ ය. එම අදියරවල ඡන්ද විමසීම් පැවැත්වෙන්නේ අප්‍රේල් 19, අප්‍රේල් 26, මැයි 7, මැයි 13, මැයි 20, මැයි 25 සහ ජුනි 1 යන දිනවල යි. ඇදහීමට අමාරු තරම් ඡන්දදායකයෝ පිරිසක් මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා ලියාපදිංචි වී …
මිනිසුන් සතුන් කෙරෙහි තෙවරක් පෙරූ කරුණා දයාවෙන් සපිරි හදවතක් තිබූ තෙවරප්පෙරුම
මිනිසුන් සතුන් කෙරෙහි තෙවරක් පෙරූ කරුණා දයාවෙන් සපිරි හදවතක් තිබූ තෙවරප්පෙරුම වර්තමාන දේශපාලනය වශයෙන් බොහෝ දෙනකුට හඳුනා ගෙන ඇති පොදු ආකෘතියක් තිබේ.බලයට පත් වන තුරු ජනතා වීරයන් හා ජනතාවගේ විමුක්තිදායකයන් වශයෙන් බොහෝ දෙනකු හඳුනා ගන්නා පුද්ගලයන් සහ පිරිස් බලයට පත් වූ පසු ජනතා ද්‍රෝහීන් අබල දුබලයන් ආදී වශයෙන් එම ජනතාව විසින්ම හඳුන්වනු ලැබීම එම ආකෘතියේ සාමාන්‍ය ස්වරූපයයි.එමෙන්ම ජන වරමින් බලයට පත් වන පිරිස් ද ජනතාව උදෙසා සේවය …
දෙමළ ජනතාව සමරන්නේත් අපේ සිංහල අවුරුද්දමද?
නැකත් මතභේද රාශියක් මධ්‍යයේ සිංහල අවුරුද්ද නිමාවට පත් විය. මේ සමගම නැකත් වෙනුවෙන් ඇනගත් ගුටිබැට ද අපට කෙමෙන් අමතක වී යනු ඇත. මේ උත්සවය ‘සිංහල – දෙමළ’ යනුවෙන් හඳුන්වනු ලැබුුව ද නැකත් සමග සිංහලයන් සිදු කරන ගනුදෙනු සමග සලකා බැලීමේ දී එය දෙමළ ජාතිකයන්ට පොදු නොවන බවක් පෙනෙන්නට තිබේ. සිංහල අවුරුද්ද අප්‍රේල් 12, 13 හෝ 14 වැනි ඕනෑම දිනෙක යෙදිය හැකිය. එය තීරණය කරන්නේ නැකැත් කමිටුුවය. නැකත් …
අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …
දීර්ඝකාලීනව ඖෂධ ලබා ගැනීමෙන් වකුගඩුවලට හානි වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ රුධිරයේ කොලෙස්ටරෝල් වැඩිවීම යන රෝග තත්වයන් තුනම හෘදයාබාධ ඇතුලු හෘද රෝග ගණනාවක් ඇති කිරීමට හේතුවන ප්‍රධානතම අවදානම් සාධක වේ. මෙම රෝග තත්වයන් තුනම නිට්ටාවටම සුව කළ නොහැකි නමුත් නිතිපතා ඖෂධ ලබා ගැනීම මගින් මනා ලෙස පාලනය කර ගත හැක. නමුත් එසේ පාලනය කර පවත්වා ගැනීම සඳහා දිනපතාම මුලු ජීවිත කාලය පුරාම ඖෂධ ලබාගත යුතුවේ. මීට …
කුඩා දරුවන්ට සිදුවිය හැකි සුලබ අනතුරක් – උගුර කන නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ. බී. කිරිදන
කුඩා දරුවන් අතට හසුවන ඕනෑම දෙයක් කටේ දමා ගැනීමට පෙළඹීම ස්වභාවයකි. මෙලෙස වෙරළු ඇට, රඹුටන් ඇට වැනි ඇට වර්ග උගුරේ සිරවීම නිසා මියගිය බිලිඳු දරුවන් පිළිබඳව නොයෙක් විට අපි මාධ්‍ය මගින් දකින්නෙමු. විශේෂයෙන් රඹුටන් ඇට සිරවීමේ වැඩි අවදානමක් පවතින්නේ රඹුටන් ගෙඩිය කටේ දමාගෙන සූප්පු කිරීමට දරුවන් වඩාත් කැමැත්තක් දක්වන නිසාය. මෙවැනි පලතුරු වර්ගවල ඇට පමණක් නොව පබළු, බොත්තම්, ප්ලාස්ටික් කැබලි, කුඩා නලා, බැටරි කෑලි වැනි කටේ දැමිය හැකි ඕනෑම දෙයක් කුඩා දරුවන් කටට දමා ගැනීම …
නජීලා සුව පහසුවෙන් හෙළි කරන පීඩිත පුද්ගලයෙකුගේ සිතුවිලි
කවිත්වය කියන්නේ කිසිම දවසක කාටවත්ම සීමා මායිම් සොයා ගන්න බැරි අතිශය පුළුල් අවකාශයක්.සමාජ පරිනාමයත් එක්ක ඒ පරාසයේ නිම් වළලු නිරතුරුව පුළුල් වනු දකින්න පුළුවන්.ඒ සඳහා දායක වන කවි කිවිඳියන් ගේ …
ඩඩ්ලි සිරිසේන “කලු කොල්ලා” මුල් කොට තැබූ සංවේදී සටහනක්
ප්රමුඛ පෙළේ ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන මහතා ඊයේ(07) තම ෆේස්බුක් ගිනුමට එක් කොට තිබූ මෙම සංවේදී සටහන ඒ සම්බන්ධ කිසිදු පූර්විකාවකින් තොරව මෙසේ ඔබ වෙතට ගෙන ඒමට අපි අදහස් කළෙමු “ඔයාල හැමෝටම සුබ උදෑසනක් වෙන්න කියල හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා. සිංහල හින්දු අලුත් අවුරුදු උදාවට දින කිට්ටු වෙනවත් එක්කම පොඩි පණිවිඩයක් ඔයාලත් එක්ක …
.
සතුන් මරණීය අවදානමක ලක් කොට නැකතට රතිඤ්ඤා දල්වමුද?
මෙවර සිංහල අලුත් අවුරුද්ද සඳහා නැකත් නිර්මාණය කළ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකත් කමිටුව ප්‍රායෝගික නොවන සේම සොබා දමට එරෙහි ක්‍රියාකාරකම් සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසෙන නැකත් …
වැඩි මහන්සියක් නැතිව යා හැකි ලංකාවේ සුන්දර දිය ඇල්ලක් සහ කන්දක්
කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉතාමත් සුන්දර ස්ථානයකටයි ඔබව මේ කැඳවාගෙන යන්න හදන්නේ. ස්ථානයක් කිව්වට මොකද මේ කියන්න යන්නේ නම් ස්ථාන දෙකක් පිළිබඳව යි. මේ ස්ථාන දෙකම එක …
“ආගමික පොප් ගී” ගයන ඉන්දීය පුංචි කෝකිලාවිය
ඔබ සමාජ ජාල වෙබ් අඩවිවල නිතර සැරිසරන්නෙක් නම් YouTube අඩවිය ඔස්සේ මේ පවසන්නට යන තරුණිය දැක තිබෙන්නට බොහෝ සෙයින් ඉඩ තිබේ. ඉස්ලාමීය තරුණියක වන ඇය නමින් නේහා නාස් ය. 2001 …
ආමීර් ඛාන් ගේ දියණිය අයිරා යුග දිවියට
ජනප්‍රිය බොලිවුඩ් නළු ආමීර් ඛාන් ගේ දියණිය වන අයිරා ඛාන් පසුගිය දා යුග දිවියට ඇතුළත් වුණා. 26 වැනි වියෙහි පසුවන අයිරා විවාහ වූයේ නූපූර් ශිකාරේ සමග යි. 37 හැවිරිදි නූපූර් …
උත්සව පවත්වන්න මත්පැන් ඕනමද? – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු
අලුත් අවුරුද්දක් ළඟ ළඟම එනවා. රට පත්වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වය නිසා, බහුතරයකගේ ආර්ථිකය ඒ තරම් සරු නැති වුනත් හැමෝම වගේ තම තමන්ට පුළුවන් විදියට අලුත් අවුරුද්ද සිරිත් පරිදි සතුටින් සමරන්න තමයි උත්සාහ කරන්නේ. පුලු පුලුවන් විදිහට දෙමාපියන්ට දූ දරුවන්ට හිතවතුන්ට තෑගි බෝග දෙන්න, ඇඳුමක් පැළඳුමක් ගන්න, රස කැවිලි ටිකක් හදාගන්න …
ඔබත් විද්‍යුත් යක්ෂයාගේ වහලෙක් ද? – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු
අතීතයේ ඉඳලම අපේ රටෙත් යක්කු හිටියලුනෙ . රීරි යකා, ගරා යකා, සූනියම් යකා, මහ සෝනා, කළු කුමාරයා , වෙසමුනියා, යනාදී වශයෙන්… අහල ඇතිනෙ නේද? යක්ෂයා හොඳ එකෙක් නෙමෙයි නේ. අපිව විනාශ කරන්න ආපු අදෘශ්‍යමාන බලවේගයක් . ඒත් ඉතිං අපේ ගම්වල ගමරාළලා එහෙම යක්කුන්ගෙන් වැඩ ගත්තු බව පුංචි කාලේ කතන්දර පොත් …
ගොවි දුක නම් හොඳට අලෙවි කරන්න පුළුවන් තමයි;ඒත් ඉතින්; – සුනිල් කන්නගර හිටපු කොළඹ රත්නපුර ගා අම්පාර මහ දිසාපති
කිසිදු කරදරයකින්;අපහසුවකින් තොරව ශ්‍රී ලංකාව තුළ අලෙවි කළ හැකි දෙයක් නම් කරන්නැයි යමකු කිවහොත් ඔබ නම් කරන්නේ කුමක්ද?මා නම් නම් කරන්නේ ඔබ හීනෙකින්වත් හිතන දෙයක් නොවේ.මා එහි දී නම් කරනුයේ මේ රටේ ස්වාභාවික සම්පතක් හෝ නිෂ්පාදනය කරන්නක් නොවේ.අලෙවි කිරීම සඳහාම ජන මාධ්‍ය හා දේශපාලන ගොවි සංවිධාන විසින් නිර්මාණය කරගත් “ගොවියාගේ …
දරුවන් ගේ සෞඛ්‍යය කේන්ද්‍රයෙන් හරියටම දැක ගත හැකිද? – හේම ශ්‍රී අමරසිංහ
කිසියම් පවුලක වැඩිහිටියන්ගේ මිස කුඩා දරුවන්ගේ ජන්ම පත්‍ර පරීක්ෂා කිරීම කෙරෙහි වැඩි උනන්දුවක් අතීත සමාජයේ පැවැතියේ නැත. එහෙත්, අද වන විට එම තත්වයේ සැලකිය යුතු වෙනස්කම් සිදු වෙමින් පවතී. ඊට හේතුව අද වන විට දරුවන්ගේ ජන්ම පත්‍ර පරීක්ෂාව කෙරෙහි ද පෙර නොවූ විරූ උනන්දුවක් බොහෝ දෙනකු තුළ පැවැතීම ය. ඒ …